රත්මලානේ ආපනශාලාවක් කොල්ල කෑමේ තැතක් වරදී

රත්මලානේ ආපනශාලාවක් කොල්ල කෑමේ තැතක් වරදී

by Staff Writer . 20-03-2022 | 10:41 PM

COLOMBO (News 1st) – මන්නයක් රැගෙන යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු අද(20) රාත්‍රියේ රත්මලාන ප්‍රදේශයේ ආපන ශාලාවක් කොල්ලකෑමට තැත්කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, එහිදී ආපන ශාලාවේ සේවකයින් විසින් අදාල පුද්ගලයාට පහර දී ඔහු සතුව තිබු මන්නය උඳුරාගෙන ඇති බවය. එහිදී අදාල සැකකරු එම ස්ථානයෙන් පලාගොස් ත්‍රිරෝද රථයක රියැදුරුට පිහියක් පෙන්වා බිය ගන්නවා ත්‍රිරෝද රථයකින් පලාගොස් තිබේ. අනතුරුව යතුරු පැදියක පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සැකකරු ලුහුබැඳ ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ එහිදී සැකකරු වෙනත් වාහන නතර කිරීමට තැත්කර ඇති අතර පොලිස් නිලධාරීන්ට ද පහරදීමට උත්සාහ කර ඇති බවය. එහිදී පොලීසිය සැකකරුඩට වෙඩි තබා තිබේ. සිද්ධියෙන් තුවාල ලැබූ සැකකරු මේ වනවිට කළුබෝවිල රෝහලට අතුළත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.