ජාත්‍යන්තර දුරකතන ඇමතුම් ගාස්තු ඉහළට

ජාත්‍යන්තර දුරකතන ඇමතුම් ගාස්තු ඉහළට

by Staff Writer . 20-03-2022 | 7:26 AM

COLOMBO (News 1st) - ජාත්‍යන්තර දුරකතන ඇමතුම් ගාස්තු ඉහළ දමා තිබේ.

තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්, ජයන්ත ද සිල්වා මහතා සඳහන් කළේ දුරකතන සමාගම් මේ පිලිබඳව අමාත්‍යාංශය දැනුවත් කර ඇති බවයි. ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 30 කින් පමණ අවප්‍රමාණය වීම හමුවේ දුරකතන සමාගම් ‍ජාත්‍යන්තර ඇමතුම් ගාස්තු මෙලෙස ඉහළ දමා තිබේ. ‍කෙසේ වෙතත් දේශිය ඇමතුම් ගාස්තු හෝ අන්තර්ජාල ගාස්තු ඉහළ දැමීමට මෙතෙක් කිසිදු අනුමැතියක් ලබා දී නැතැයි, තාක්ෂණික අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේ ය.