ඉන්ධන පෝළිමකදී ඇද වැටීමෙන් තවත් පුද්ගලයෙකු මරුට

ඉන්ධන පෝළිමකදී ඇද වැටී මිය ගිය මෙරට දෙවන මරණයත් වාර්තා වෙයි

by Staff Writer . 20-03-2022 | 12:20 PM

COLOMBO (News 1st) - කඩවත ඉන්ධන පිරවුම්හලක පෝලිමේ සිටි පුද්ගලයකු අද(20) දහවල් ඇද වැටී මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, පෙට්‍රල් ලබා ගැනීම සඳහා පෝළිමක සිටි අයෙකු එලෙස ඇද වැටී මියගොස් ඇති බවය. ඇද වැටුණු පුද්ගලයා රාගම රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. 70 හැවිරිදි එම පුද්ගලයා මාකොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු ඉන්ධන ලබා ගැනීමට පෝළිමේ සිටියදී ඇදවැටී මියගිය මෙරට දෙවන පුද්ගලයා වේ. ඊයේ(19) දිනයේ මහනුවර ප්‍රදේශයේදී භූමිතෙල් ලබා ගැනීම සඳහා පෝලිමක සිටි පුද්ගලයකු ද ඇද වැටී මියගියේ ය. ඔහු 71 හැවිරිදි වියේ පසුවූ වත්තේගම, උඩතලවින්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහුදේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (20) සිදු කිරීමට නියමිතය.