ලක්ෂපති ඉතිහාසයේ ප්‍රථමවරට මිලියන 3ක ජයග්‍රාහකයෙක්

සිරස ලක්ෂපති ඉතිහාසයේ ප්‍රථම වරට රුපියල් මිලියන 3ක ජයග්‍රාහකයෙක් බිහිවෙයි

by Staff writer 19-03-2022 | 9:13 PM

COLOMBO (News 1st) - දැනුම සහ බුද්ධිය උරගා බලන, සිරස ලක්ෂපති වැඩසටහන් ඉතිහාසයේ ප්‍රථම වරට රුපියල් මිලියන 3ක් දිනාගත් ජයග්‍රාහකයෙකු අද(19) බිහිවිය.

ජූඩ් පෙරේරා මහතා, එම සුපිරි ජයග්‍රාහකයා බවට අද පත් විය. 35 හැවිරිදි වියේ පසුවන ජූඩ් මහතා, ස්වර්ණාභරණ ආයතනයක ශාඛා කළමනාකරුවෙකු ලෙස කටයුතු කරනු ලැබේ. ඔහු අධ්‍යාපනය ලබා තිබෙන්නේ, කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයෙනි. බත්තරමුල්ලේ පදිංචි ජූඩ් පෙරේරා මහතා දරුවන් දෙදෙනෙකුගේ සෙනෙහබර පියෙකි. සිය දැනුමෙන් සහ බුද්ධියෙන් මෙම විශිෂ්ට ජයග්‍රහණය ලබාගත් ජූඩ් පෙරේරා මහතාට නිව්ස්ෆස්ට් අපගේ උණුසුම් සුබ පැතුම්!