විදුලි බිල්පත් මුද්‍රණයට කඩදාසි හිඟයෙන් බාධා

විදුලි බිල්පත් මුද්‍රණයට කඩදාසි හිඟයෙන් බාධා: අතින් ලියූ බිල්පතක් පාරිභෝගිකයින්ට

by Staff writer 19-03-2022 | 10:39 PM

COLOMBO (News 1st) - ඩොලර් නැතිකම හේතුවෙන් කඩදාසි හිඟයකුත් ඉස්මතු වෙමින් පවතී.

මේ හේතුවෙන් කඩදාසි හිඟය හේතුවෙන් විදුලි බිල්පත් මුද්‍රණයට බාධා මතුව ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි. එහි අතිරේක සාමාන්‍යාධිකාරී, මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුනි මහතා නිව්ස්ෆස්ට් වෙත පැවසුවේ, ලිඛිතව විදුලි පාරිභෝගිකයින් වෙත බිල්පත් නිකුත් කරන්නැයි මනු කියවන්නන් වෙත දැනුම් දී ඇති බවය. විදුලි බිල්පත් සම්බන්ධයෙන් යම් ගැටළුකාරි තත්ත්වයක් වෙතොත් ලංකා විදුලිබල මණ්ඩලයේ වෙබ් පිටුවට පිවිස ඒ පිළිබදව පරික්ෂා කරගත හැකි බවද අතිරේක සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේ ය.