නව කොරෝනා ප්‍රභේදයන් වාර්තා වීමේ හැකියාව තවදුරටත්

නැවතත් නව කොරෝනා ප්‍රභේදයන් වාර්තා වීමේ හැකියාව තවදුරටත්.. - සෞඛ්‍ය අමාත්‍යාංශය

by Staff writer 19-03-2022 | 6:45 AM

COLOMBO (News 1st) – නැවතත් නව කොරෝනා ප්‍රභේදයන් වාර්තා වීමේ හැකියාව තවදුරටත් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසුවේ, කොරෝනා රෝගී තත්ත්වය 100%ක්ම පහව ගොස් නොමැති බවය. ඉලක්කගත කණ්ඩායමෙන් 53% ක් පමණක් බූස්ටර් එන්නත ලබාගෙන ඇති බව ද ඔහු පැවසුවේ ය. කොරෝනා ව්‍යාප්තියෙන් අඩාල වූ දිවයිනේ සියලු රෝහල්වල දන්ත සෞඛ්‍ය කටයුතු මේ වනවිට ආරම්භ කර ඇතැයි මහරගම මූඛ සෙඛ්‍ය ආයතනයේ දන්ත සංරක්ෂණ ඒකකයේ විශේෂඥ වෛද්‍ය සෝනාලි රණතුංග මෙනෙවිය පැවසුවා ය.