මෙරට වැඩි පිරිසක් බූස්ටර් එන්නත අරන් නැහැ

ඉලක්කගත ජනතාවගෙන් වැඩි පිරිසක් බූස්ටර් එන්නත ගෙන නැහැ - සෞඛ්‍ය අමාත්‍යාංශය

by Staff writer 19-03-2022 | 12:35 PM

COLOMBO (News 1st) :  මෙරට ඉලක්කගත ජනතාවගෙන් වැඩි පිරිසක් බූස්ටර් එන්නත ලබාගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසුවේ කොරෝනා රෝගී තත්ත්වය 100%ක්ම පහව ගොස් නොමැති බවයි. නැවතත් නව කොරෝනා ප්‍රභේදයන් වාර්තා වීමේ හැකියාව තවදුරටත් පවතින බව ඔහු සඳහන් කළේ ය. කොරෝනා ව්‍යාප්තියෙන් අඩාල වූ දිවයිනේ සියලු රෝහල්වල දන්ත සෞඛ්‍ය කටයුතු මේ වනවිට ආරම්භ කර ඇතැයි මහරගම මූඛ සෙඛ්‍ය ආයතනයේ දන්ත සංරක්ෂණ ඒකකයේ විශේෂඥ වෛද්‍ය සෝනාලි රණතුංග මෙනෙවිය පැවසුවා ය.