සති අන්තයේ ලයිට් කපන්නේ මෙහෙමයි..

සති අන්තයේ ලයිට් කපන්නේ මෙහෙමයි..

by Staff writer 18-03-2022 | 7:53 PM

COLOMBO (News 1st) – මෙම සති අන්තයේ විදුලිය විසන්ධි කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීම මහජන උපයෝගිතා කොමිසම (PUCSL) විසින් අනුමත කරනු ලැබ තිබේ.

ඒ අනුව, සෙනසුරාදා(19) PQRSTUVW ප්‍රදේශ සඳහා, පෙරවරු 10 සිට සවස 4 දක්වා පැය 1 යි මිනිත්තු 30ක් සහ සවස 4 සිට රාත්‍රී 10 දක්වා පැය 1 යි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කෙරේ. ABCDEFGHIJKL ප්‍රදේශ සඳහා උදේ 8 සිට සවස 6 දක්වා පැය 2 යි මිනිත්තු 30 ක් සහ සවස 6 සිට රාත්‍රී 11 දක්වා පැය 1 යි විනාඩි 15 ක් විදුලිය කප්පාදු කිරීමට නියමිත ය. මේ අතර ඉරිදා (20) PQRSTUVW ප්‍රදේශ සඳහා, සවස 4.30 සිට රාත්‍රී 9.30 දක්වා පැය 1 යි විනාඩි 15 ක් විදුලිය කප්පාදු කෙරේ. ABCDEFGHIJKL කාණ්ඩයට අයත් ප්‍රදේශවලට ,පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා පැය 2ක් සහ සවස 5 සිට රාත්‍රී 10 දක්වා පැය 1 විනාඩි 15 ක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කළේ ය.