by Staff writer 18-03-2022 | 9:49 PM
COLOMBO (News 1st) – මන්නාරම, ඕළුතුඩුවායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 175කට ආසන්න තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු සහ ඩිංගි යාත්‍රාවක් අද (18) නාවික හමුදා භාරය ගෙන තිබේ.
මන්නාරම, ඕළුතුඩුවායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම වැටලීම සිදුවිය.
සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂාවේ ගෝනි උර 6ක් තුළ අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 175 කට ආසන්න තොගයක් නාවික හමුදා භාරයට පත් විය.