by Staff Writer . 18-03-2022 | 10:00 AM
COLOMBO (News 1st) – කල්පිටියේ සිට අනුරාධපුර දක්වා පැවැත්වීමට නියමිතව තිබු යතුරුපැදි සවාරිය පොලිසිය නතර කර තිබේ.
ඒ මහජන විරෝධය සහ කෝන්දේසිවලට පටහැනිව ක්‍රියා කිරිම හේතුවෙනි.
නීතියට පටහැනි ලෙස යම් අයෙකු කටයුතු කර තිබේ නම් ඊට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කිරීමට පියවර ගන්නා බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
පොලිසිය පවසන්නේ, පුද්ගලික යතුරු පැදි සමාජයක් මහරගම අපේක්ෂා රෝහලට සිදුකළ මුදල් පරිත්‍යාගයක් සහ කල්පිටිය ප්‍රදේශයේ පාසල් ළමුන් සඳහා පාසල් උපකරණ බෙදාදීමේ වැඩ සටහනකට සමගාමීව මෙම යතුරුපැදි සවාරිය ඊයේ , අද සහ හෙට මීරිගම සිට කල්පිටිය හරහා අනුරාධපුරය දක්වා පැවැත්වීමට අවසර ඉල්ලා තිබූ බවයි.
නීත්‍යනුකූලව කර තිබු ඉල්ලීමක් බැවින් නියමිත කෝන්දේසිවලට යටත්ව අදාළ රජයේ ගාස්තු අය කිරීමෙන් පසු ඊට අවසර දුන් බව පොලිසිය පවසයි.
එම යතුරුපැදි සවාරිය ඊයේ මීරිගම සිට කල්පිටියට පැමිණියේ ය.
රටේ පවතින වාතාවරණය හමුවේ පැවති එම සවාරියට ඊයේ දැඩි මහජන විරෝධයක් එල්ල විය.
යතුරුපැදි සවාරියට අදාළව ඊයේ විකාශය කෙරුණු දර්ශන පෙළ පහතින්...
https://www.youtube.com/watch?v=KpCFGOnvhKI&t=1s