කේරල ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට..

කේරල ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට..

by Staff writer 18-03-2022 | 3:51 PM

COLOMBO (News 1st) – කේරල ගංජා තොගයක් සමග සැකකරුවෙකු වත්තලදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ(STF) සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය සිදු කළ වැටලීමකදී ය. සැකකරු සන්තකයේ තිබී සොයාගෙන ඇති කේරල ගංජා ප්‍රමාණය කිලෝග්‍රැම් 42 කි. සැකකරු වත්තල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙක් වන අතර වැඩිදුර විමර්ශන සඳහා වත්තල පොලිසියට භාරදී තිබේ.