බස්නාහිර පාසල් වාර විභාගවල වෙනසක්

කඩදාසි හා අමුද්‍රව්‍ය හිඟයක් හේතුවෙන් බස්නාහිර පළාතේ පාසල් වාර විභාගවල වෙනසක්

by Staff writer 18-03-2022 | 5:13 PM

COLOMBO (News 1st) – බස්නාහිර පළාතේ පාසල්වල අවසන් වාර විභාගය පැවැත්වීමට කඩදාසි හා අමුද්‍රව්‍ය හිඟයෙන් බාධා මතුව තිබේ.

මේ හේතුවෙන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස් මහතා සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්වරුන් වෙත විශේෂ ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත්තේ මේ පිළිබඳව දැනුවත් කිරීම් කරන ලෙසය. මේ නිසා 6, 7, 8, ශ්‍රේණි සඳහා වර්ෂ අවසාන ඇගයීම් සංශෝධනය කිරීමට උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ප්‍රශ්න පත්‍ර අනුව වාර විභාගය පැවැත්විය හැකි සෑම පාසලක්ම එම කාල සටහන අනුව විභාගය පැවැත්විය හැකියි. එසේ පැවැත්වීමට අපහසු පාසල් සඳහා ප්‍රශ්න පත්‍ර සහ කාලසටහන් පාසල් මට්ටමින් සකස් කරගෙන විභාගය පැවැත්වීමට හැකි වේ. 4, 9, 10 හා 11 ශ්‍රේණි වර්ෂ අවසාන ඇගයීම් අප්‍රේල් නිවාඩුවෙන් පසු පැවැත්වීමට බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. https://youtu.be/CZ5hlyMSsxY