by Staff Writer . 18-03-2022 | 3:25 PM
COLOMBO (News 1st) – දෙදින ඉන්දීය නිල සංචාරය නිම කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (18)පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණියේ ය.
අමාත්‍යවරයාගේ මෙම සංචාරය තුළදී ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක ණය ගිවිසුමකට ද අත්සන් තැබිණ.
මුදල් අමාත්‍යවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු ඉන්දීය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු හමු වී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වී ය.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා ද එම සංචාරයට එක්ව සිටියේ ය.