අද (18) රටට විදුලිය කැපෙන හැටි මෙන්න..

අද (18) රටට විදුලිය කැපෙන හැටි මෙන්න..

by Staff Writer . 18-03-2022 | 8:31 AM

COLOMBO (News 1st) –  අද (18) දිනයේත් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර දී තිබේ.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L ඛණ්ඩවලට අයත් ප්‍රදේශවලට, අද පෙරවරු 8 .00සිට පස්වරු 6.00 අතර පැය 3.00 යි විනාඩි 20 ක් සහ සවස 6.00 සිට රාත්‍රී 11.00 අතර පැය 1 යි විනාඩි 40 ක් විදුලි කප්පාදු කෙරෙනු ඇති. P,Q,R,S,T,U,V,W ඛණ්ඩවලට අයත් ප්‍රදේශවලට පෙරවරු 9.00 සිට සවස 5 .00 දක්වා පැය 2ක් සහ පස්වරු 5.00 සිට රාත්‍රී 10.00 දක්වා පැයයි විනාඩි 15ක් අද විදුලිය විසන්ධි කෙරෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය මෙතැනින්...