by Staff writer 17-03-2022 | 1:17 PM
COLOMBO (News 1st) – ඉන්දීය සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ නවදිල්ලි නුවරදි එරට විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයසංකර් මහතා හමුව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ,එහිදී දෙරට අතර අන්තර් සහයෝගිතාව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවයි.
ඉන්දීය විදේශ අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ, ශ්‍රී ලංකා පුරවැසියන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් ඉන්දියාව තවදුරටත් ප්‍රතිචාර දැක්වීමට ඉදිරිපත් වන බවයි.