ධීවරයින්ට අනතුරු ඇඟවීමක්..

ධීවර හා නාවිකයින්ට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්..

by Staff writer 17-03-2022 | 4:23 PM

COLOMBO (News 1st) – නැවත දැනුම් දෙනතුරු නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට යාත්‍රා නොකරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඒ, නිරිත දිග බෙංගාල බොක්ක මුහුදේ මධ්‍යම ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් ය. මේ වනවිට ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ නැගෙනහිරට බරව ඊසාන දෙසින් අන්දමන් මුහුද දෙසට ගමන් කර තවදුරටත් වර්ධනය වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි මෙන්ම පැයට කිලෝමීටර් 60 දක්වා සුළං පැවතිය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවද කාලගුණ අනාවැකියේ වැඩිදුරටත් සඳහන් ය.