by Staff writer 17-03-2022 | 1:56 PM
COLOMBO (News 1st) - කොම්පඤ්ඤවීදිය , ඩෝසන් වීදිය ප්‍රදේශයේදී ගෙළ කපා පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
පොලිසිය සඳහන් කළේ, පුද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදු කර ඇති බවයි
ඝාතනයට ලක්ව ඇත්තේ, බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි අයෙකි.
සිද්ධියට සම්බන්ධ සැකකරු හඳුනා ගෙන ඇති අතර ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් තිබේ.
ඔහු අත්අඩංගුවට ගැනීමට කණ්ඩායම් 02 ක් අනියුක්ත කර ඇතැයි කොම්පඤ්ඤවීදිය පොලිසිය ප්‍රකාශ කළේ ය.