by Staff Writer . 17-03-2022 | 12:36 PM
COLOMBO (News 1st) – කේරල ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියක් ඕමන්ත පොලිස් මුරපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ සැකකරුවන් මෝටර් රථයකින් මෙම කේරල ගංජා තොගය ප්‍රවාහනය කර ඇති බවයි.
ඔවුන් සතුව තිබී සොයා ගෙන ඇති කේරල ගංජා තොගය කිලෝ ග්‍රෑම් 8 යි මිලි ග්‍රෑම් 456කි.
මේ අතර මෝදර මෙත්සඳ සෙවන ප්‍රදේශයේ දී හෙරෝයින් ග්‍රෑම් 520 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
42 හැවිරිදි සැකකරු වැඩිදුර විමර්ශනය සඳහා පොලිසියට භාර දී තිබේ.