ඓතිහාසික රනාල ඇඹුල්ගම රජමහා විහාරයේ මහ බෝ අංකුර රෝපණ මංගල්‍යය..

by Staff writer 17-03-2022 | 8:29 PM

COLOMBO (News 1st) –  ඓතිහාසික රනාල, ඇඹුල්ගම රජමහා විහාරස්ථානයට අභිනවයෙන් වැඩම වූ ශ්‍රී මහා බෝධි අංකුරය රෝපණය කිරීමේ මහ බෝ අංකුර රෝපණ මංගල්‍යය අද (17 )පෙරවරුවේ සිදු කෙරිණ.

ඒ, සීමාසහිත කැපිටල් මහාරාජා සමූහයේ සභාපති ශෂී රාජමහේන්ද්‍රන් මහතාගේ ප්‍රධානත්වයෙන් ය. විහාරාධිපති පූජ්‍ය දංකන්දේ බෝධිවංශ හිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙම පුණ්‍යකර්මය සිදු කෙරිණි.