ලෝක වෙළඳපොළේ තෙල් මිල පහළ බසී

ලෝක වෙළඳපොළේ තෙල් මිල තවදුරටත් පහළ බසී

by Staff Writer . 16-03-2022 | 8:40 AM

COLOMBO (News 1st) –  ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් 6% කට වැඩි අගයකින් තවදුරටත් පහළ ගොස් තිබේ.

ඒ සති තුනකට පසු අඩුම ඉන්ධන මිල වාර්තා කරමිනි. ඇමරිකානු හා බ්‍රිතාන්‍ය වෙළඳපොළවල බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ට වඩා අඩු අගයක් දක්වා මුල් වරට පහත වැටීම කැපී පෙනෙන කරුණකි. මාර්තු 07 වැනිදා වසර 14 කට පසු ඉහළම බොරතෙල් මිල සටහන් වුවත් මේ වනවිට බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ බොරතෙල් බැරලයක් ඩොලර් 40 කට ආසන්න අගයකින් හා ඇමරිකානු වෙළඳපෙළේ බොරතෙල් බැරලයක් ඩොලර් 30 කට වැඩි අගයකින් පහළ ගොස් තිබේ.