by Staff writer 16-03-2022 | 5:25 PM
COLOMBO (News 1st) - නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදේ නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවල යෙදීමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ඒ, එම මුහුදු ප්‍රදේශය ආශ්‍රිත පහළ වායු ගෝලයේ කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීම හේතුවෙනි.
එසේම එම මුහුදු ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යාදෙපාර්තුමේන්තුව සඳහන් කරයි.
සුළඟේ වේගය ද විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.