තොග නැතිව ගෑස් බෙදාහැරීම නවතී

තොග නැතිව ගෑස් බෙදාහැරීම නවතී

by Staff Writer . 16-03-2022 | 9:57 AM

COLOMBO (News 1st) – ගෑස් තොග නොලැබීම හේතුවෙන් ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් බෙදාහැරීම නතර කර තිබේ.

මේ වන විටත් දිවයින ආසන්න මුහුදේ ගැස් අඩංගු නැව් දෙකක් දින 10කට ආසන්න කාලයක් නැංගුරම්ලා තිබුණ ද තවමත් ඊට අදාළ ගෙවීම් සිදුකර නොමැති බවට වාර්තා වේ. ඒ සඳහා ප්‍රමාද ගාස්තු ද ශ්‍රී ලංකා රජය ගෙවිය යුතුයි. මෙම ගෑස් අර්බුදය හමුවේ සාමාන්‍ය ජනතාව මෙන්ම ව්‍යාපාරිකයින් ද පත්ව ඇත්තේ දැඩි අපහසුතාවකටයි. අද හෝමාගම ප්‍රදේශයේ නොසසුන්තාවයක් ඇතිවූයේ ගෑස් නොමැතිවීම හේතුවෙනි. හෝමාගම බස් නැවතුම්පොළ ඉදිරිපිට තිබෙන ලිට්‍රෝ ගෑස් බෙදාහැරීමේ මධ්‍යස්ථානය ඉදිරිපිට ගෑස් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ජනතාව රැඳී සිටියේ අද අලුයම සිටයි. දහවල් වනතුරුත් ගෑස් නොලැබීම හේතුවෙන් පෝලිමේ සිටි ජනතාව හිස් ගෑස් සිලින්ඩර රැගෙන මාර්ගයට පැමිණියේ ය. පිරිස කොළඹ - අවිස්සාවේල්ල මාර්ගය අවහිර කරමින් විරෝධය පළ කළේ ය. මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා මතු විය. බදුල්ල ලිට්‍රෝ ගෑස් අළෙවි මධ්‍යස්ථානය ගාල්ල ඔරොප්පුවත්ත ප්‍රදේශයේ ගෑස් අළෙවි මධ්‍යස්ථානය ඇතුළු ප්‍රදේශ රැසක ගෑස් අලෙවි සැල් ඉදිරිපිට ජනතාව රැඳි සිටියේ ගෑස් ලබා ගැනීමේ අපේක්ෂාවෙනි.