by Staff Writer . 16-03-2022 | 10:33 PM
COLOMBO (News 1st) – ඊසානදිග ජපානයේ මැග්නිටියුඩ් 7.3ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව තිබේ.
ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ,ෆුකුෂිමා සහ මියාගි ප්‍රාන්ත සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි.
භූකම්පනයත් සමග , මේ විට නිවාස මිලියනකට පමණ විදුලි සැපයුම ඇනහිට ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
භූකම්පනය සිදුව ඇත්තේ, ෆුකුෂිමා ප්‍රදේශයේ වෙරළට ඔබ්බෙන් කිලෝමීටර් 60ක් ගැඹුරිනි.