සජබෙ අද කොළඹදී දැවැන්ත උද්ඝෝෂණයක

සජබෙ අද කොළඹදී දැවැන්ත උද්ඝෝෂණයක

by Staff Writer . 15-03-2022 | 12:15 PM

COLOMBO (News 1st) –  දරාගත නොහැකි ජීවන වියදමට දරාගත හැකි විසඳුමක් ලබා දෙන්නැයි රජයට බල කරන දැවැන්ත විරෝධතාවක් අද කොළඹදී පැවැත්වේ.

එය සංවිධානය කරන්නේ සමගි ජන බලවේගයයි. විරෝධතාවයට සහභාගි වීමට මේ වන විටත් දිවයිනේ නන් දෙසින් ජනතාව කොළඹට පැමිණෙමින් සිටී. මෙම විරෝධතාවේ තේමාව රට විනාශයි - බේරාගමු යන්නයි. සමගි සේවක සංගමය, සමගි වනිතා බලවේගය, සිවිල් සංවිධාන සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටිති. සමගි ජන බලවේග අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා ඇතුළු පාක්ෂිකයින් පිරිසක් අද පෙරවරුවේ කොළඹට පැමිණීම ආරම්භ කළේ ය. මේ අතර, පොළොනේනරුව , ගාල්ල , හැටන් ප්‍රදේශවල සිට ද සමගි ජන බලවේගයේ පාක්ෂිකයින් කොළඹට පැමිණීම ආරම්භ කර තිබේ. මේ අතර ජීවන වියදම සහ ආර්ථික අර්බුදයට විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලමින් සමගි ජන බගවේගය ඊයේ රාත්‍රියේ හාලිඇළ නගරයේදී විරෝධතාවක නිරත විය.