විපක්ෂ නායකවරයා විරෝධතාවට එක්වෙයි

'රට විනාසයි - දැන් ඇති' විරෝධතාවට විපක්ෂ නායක එක්වෙයි

by Staff Writer . 15-03-2022 | 3:16 PM

COLOMBO (News 1st) – 'රට විනාසයි - දැන් ඇති' යන මැයෙන් සමගි ජන බලවේගය පවත්වන විරෝධතාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්වූ බව අප වාර්තාකරු පවසයි.

අද කොළඹදී මෙම දැවැන්ත විරෝධතාව පැවැත්වෙන්නේ, දරාගත නොහැකි ජීවන වියදමට දරාගත හැකි විසඳුමක් ලබා දෙන්නැයි, රජයට බල කරමිනි. විරෝධතාවට සහභාගිවීම සඳහා දිවයිනේ නන් දෙසින් ජනතාව කොළඹට පැමිණ සිටින අතර සමගි සේවක සංගමය, සමගි වනිතා බලවේගය, සිවිල් සංවිධාන සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු විශාල පිරිසක් ද විරෝධතාවට එක්ව සිටිති.