දුම්රිය ගාස්තු ත් ඉහළ දමන බව ඇමති කියයි

දුම්රිය ගාස්තු ත් ඉහළ දමන බව ඇමති කියයි

by Staff Writer . 15-03-2022 | 10:49 AM

COLOMBO (News 1st) –  දුම්රිය ගාස්තු අවම ප්‍රමාණයකින් ඉහළ දමන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 15% කින් ඉහළ දැමිණ. ඒ අනුව අවම ගාස්තුව රුපියල් 20 කි.