පුෂ්පිකාගේ පැමිණිල්ල කැඳවීමට දින නියම වෙයි

ජූරි සහ චූලාට එරෙහි පුෂ්පිකාගේ පැමිණිල්ල කැඳවීමට දින නියම වෙයි

by Staff Writer . 14-03-2022 | 4:43 PM

COLOMBO (NEWS1ST): විවාහක රූ රැජිණ කිරුළ දිනාගත් පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ කිරුළ කලහකාරී ලෙස ගලවා ඇයට තුවාල සිදු කළේ, යැයි කියන තවත් විවාහක රූ රැජිණක් වන කැරොලයින් ජූරි සහ චූලා පද්මේන්ද්‍ර යන අයට එරෙහිව කුරුඳුවත්ත පොලීසිය ඉදිරිපත් කර ඇති පැමිණිල්ල ලබන මස 04 කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය.

පැමිණිල්ල අද කැඳවනු ලැබුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා හමුවේයි. මෙම පැමිණිල්ල සමථ මණ්ඩලය වෙත යොමු කර ඇතැයි කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ ය. ඒ අනුව පාර්ශ්වකරුවන්ට සමථ මණ්ඩලය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ල අප්‍රේල් මස 04 වනදා කැඳවන ලෙස නියෝග කළේ ය.