හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට..

හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට..

by Staff Writer . 13-03-2022 | 2:51 PM

COLOMBO (News 1st) – හෙට(14) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ, බස් සංගම් කළ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුවයි. ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් කර්මාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා පැවසුවේ, ගාස්තු සංශෝධනය හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගන්නා බවයි. අවම බස් ගාස්තුව බොහෝ දුරට රුපියල් 19ක් හෝ 20ක් වනු ඇතැයි ද නිලාන් මිරැන්ඩා මහතා වැඩිදුරටත් සඳහන් කළේය. https://youtu.be/05LLNurIdok