COLOMBO (News 1st) – රුපියල් කෝටි 7 කට අධික කේරල ගංජා කිලෝග්‍රෑම් 560 ක් සමග සැකකරුවන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය(STF) විසින් අද(13) අලුයම අත්අඩංගුවට ගනු ලැබුවේ ය.
ඒ, බෝට්ටුවකින් ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එමින් සිටියදී ය.
පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේ, මීගමුව, මංකුලිය පාලම අසළ තොටුපෙළේදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.
බෝට්ටුවේ තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 560 ක් අසුරා පාර්සල් 280 ක් සොයාගෙන තිබේ.
සැකකරුවන් මීගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 - 45 අතර පුද්ගලයින් ය.
වැඩිදුර විමර්ශන සඳහා ඔවුන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාර දුන් බව පොලිස් විශේෂ කාර්යය සඳහන් කළේ ය.
