Ceypetco ඉන්ධන මිලත් ඉහළට..

Ceypetco ඉන්ධන මිලත් ඉහළට: බස්වලට ඉන්ධන සහනාධාරයක් ලබා දීමට අවදානය..

by Staff writer 12-03-2022 | 6:58 AM

COLOMBO (News 1st) – ඊයේ (11)මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබේ.

ඒ අනුව ලීටරයක නව මිල මෙසේය. * පෙට්‍රල් 92 - රු. 77 (නව මිල රු. 254) * පෙට්‍රල් 95 - රු.76 (නව මිල රු.283) * ඔටෝ ඩීසල් - රු. 55 (නව මිල රු. 176) * සුපර් ඩීසල් - රු.95 (නව මිල රු. 254) මේ අතර පෙරේදා(10) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් ලීටරයක් රුපියල් 50 කින්ද ඩිසල් ලීටරයක් රුපියල් 75 කින්ද මිල වැඩි කිරීමට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පියවර ගනු ලැබිණි. ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 283 ක් වන අතර , යුරෝ 03 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 263කි. ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 214 ක් වන අතර , සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 249 ක් වේ. ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව සහනාධාරයක් ලබා දීමට අවදානය යොමුකරන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ, ලංගම හරහා හෝ පෞද්ගලික බස් රථවලට එලෙස ඉන්ධන සහනාධාරයක් ලබාදීම සුදුසු වන බවය.