කච්චතිව් ඓතිහාසික වාර්ෂික මංගල්‍යය අද

කච්චතිව් ඓතිහාසික වාර්ෂික මංගල්‍යය අද

by Staff writer 12-03-2022 | 2:09 PM

COLOMBO (News 1st) –  කච්චතිව් දූපතේ සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ ඓතිහාසික වාර්ෂික මංගල්‍යය අද(12) පැවැත්වේ.

ඒ වෙනුවෙන් වූ ආගමික වතාවත් සහ දේව මෙහෙය සිදුකෙරෙන්නේ, ශ්‍රී ලංකා සහ ඉන්දීය බැතිමතුන් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් ය. දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන කච්චතිව්හි, සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානය, ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැදිහත්වීමෙන් 2017 වර්ෂයේදී පූර්ණ ලෙස ප්‍රතිසංස්කරණය කෙරිණි. මංගල්‍ය සඳහා පැමිණෙන බැතිමතුන්ගේ සනීපාරක්ෂක කටයුතු වෙනුවෙන් අවශ්‍ය සියලු පහසුකම් සැකසෙන්නේ ද ශ්‍රී ලංකා නවික හමුදාවේ දායකත්වයෙන් ය.