සාම්පූර්හි සූර්ය බලාගාරයක් සංවර්ධනයට ගිවිසුම්..

සාම්පූර්හි සූර්ය බලාගාරයක් සංවර්ධනය කිරීමට ඉන්දියාවේ NTPC ලිමිටඩ් සහ ලංවිම අතර ගිවිසුම් අත්සන් කෙරේ..

by Staff writer 12-03-2022 | 10:47 AM

COLOMBO (News 1st) – සාම්පූර්හි සූර්ය බලාගාරයක් ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාවේ NTPC ලිමිටඩ් සහ ලංකා විදුලිබල මණ්ඩලය අතර ගිවිසුම් අත්සන් තබා තිබේ.

ඒ සඳහා සහභාගි වී ඇත්තේ, බැසිල් රාජපක්ෂ මහතා සහ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය යන අමාත්‍යවරුන් ය. එය අන්‍යෝන්‍ය සෞභාග්‍යය වෙනුවෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාවයේ ශක්තිය පිළිබඳ සාක්ෂියක් වනු ඇති.