ශිෂ්‍යත්ව ප්‍රතිඵල ඉදිරි දින දෙක තුළදී..

ශිෂ්‍යත්ව ප්‍රතිඵල ඉදිරි දින දෙක තුළදී - විභාග දෙපාර්තමේන්තුව

by Staff writer 12-03-2022 | 6:40 PM

COLOMBO (News 1st) - 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින දෙක තුළ නිකුත් කරන බව, විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඊට අදාළ කටයුතු මේ වනවිට සම්පාදනය කරමින් ඇති බවය. මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අපේක්ෂකයියෝ තුන් ලක්ෂ හතලිස් දහස් පන්සිය අට දෙනෙකු පෙනී සිටියේය. ඉන් 85,440 දෙනෙකු දෙමළ මාධ්‍ය අයදුම්කරුවන් වේ.