by Staff writer 12-03-2022 | 6:57 PM
COLOMBO (News 1st) - සබරගමුව, දකුණ, බස්නාහිර, මධ්‍යම සහ ඌව පළාත්වලට ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මධ්‍යම, දකුණ, සබරගමුව සහ ඌව පළාත්වලට මෙන්ම කළුතර දිස්ත්‍රික්කයට මිලිමීටර 100 ඉක්මවූ වැසි ද ඇති විය බව කාලගුණ විද්‍යාදෙපාර්තුමේන්තුව සඳහන් කරයි.
සෙසු ප්‍රදේශවල, ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ඉක්මවූ වැසි ඇතිවිය හැකියි.
අකුණු අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.