by Staff writer 12-03-2022 | 6:00 AM
දේශීය පුවත්
1. ශ්‍රී ලංකාව IMF සමග සාකච්ඡා ආරම්භ කිරීමට සැරසෙයි – රොයිටර් පුවත් සේවය – ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ විදේශ විනිමය හිඟය කළමනාකරණය කිරීම ඇතුළුව රටට උපකාර කිරීමේ සැලැස්මක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව, ලබන මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF) සමග සාකච්ඡා ආරම්භ කරන බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.
2.ජංගම දුරකතන හා උපාංගවල මිලත් ඉහළ දැමීමට සැලසුම් – ජංගම දුරකතන හා උපාංගවලත් මිල ඉහළ දැමීමට සිදුවන බව ශ්‍රී ලංකා ජංගම දුරකතන ආනයන හා විකුණුම්කරුවන්ගේ සංගමය පවසයි.
3.ඉන්දියාවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 500ක ණයක් – රටතුළ උද්ගතවී ඇති ඛනිජ තෙල් අර්බුදය විසඳා ගැනීම සඳහා අපේක්ෂා කළ සහය ලබාදීමට ඉන්දියාව සූදානම් වේ.
4.මාර්තු 14 සිට සියලු සිසුන් පාසැල් වෙත කැඳවන්නැයි චක්‍රලේඛයක් – මාර්තු 14 වැනිදා සිට සියලු සිසුන් පාසල්වලට කැඳවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
5.ඖෂධ මිල 29%කින් ඉහළ දැමීමට අවසර – ඖෂධ මිල ඉහළ දැමීමට මිල පාලන කමිටුවේ අවසරය හිමිවූ බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.
විදෙස් පුවත්
1.ඉන්දීය ප්‍රාන්ත මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂයට විශිෂ්ට ජයක් – 2022 ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵල මගින් 2024 මහ මැතිවරණයේ ප්‍රතිඵලය තීන්දු කර ඇතැයි, ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි.