පාන් රාත්තලක මිල රුපියල් 30 කින් ඉහළට

පාන් රාත්තලක මිල රුපියල් 30 කින් ඉහළට

by Staff Writer . 11-03-2022 | 1:31 PM

COLOMBO (News 1st) – අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාන් රාත්තලක මිල රුපියල් 30 කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව පාන් රාත්තලක මිල රුපියල් 110 ත් 130 දක්වා ඉහළ යනු ඇති. මේ මොහොතේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේ ය. බනිස් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදන වල මිල රුපියල් 10 කින් ඉහළ දමා තිබේ. තිරිඟු පිටි කිලෝග්‍රැමයක මිල රුපියල් 35 ත් 45 ත් අතර මිලකින් ඉහළ දැමීමට ප්‍රීමා සමාගම පියවර ගත්තේ ය.