නෞකා දෙකකින් ගෑස් ගොඩබෑම ඇරඹේ

නෞකා දෙකකින් ගෑස් ගොඩබෑම ඇරඹේ

by Staff Writer . 11-03-2022 | 8:31 AM

COLOMBO (News 1st)  – ගෑස් මෙට්‍රික් ටොන් 7000 ක් අඩංගු නෞකා දෙකකින් ගෑස් ගොඩබෑමේ කටයුතු ආරම්භ කළ බව ලිට්‍රෝ සමාගම පවසයි.

එහි සභාපති තෙෂාර ජයසිංහ මහතා සඳහන් කළේ, අද පෙරවරුවේ සිට ගෑස් නිෂ්පාදනය කිරීම සහ බෙදා හැරීමේ කටයුතු සිදු කරන බවයි. දින ගණනාවක සිට කෙරවළපිටිය හැඳල මුහුදු තීරයේ මෙම නෞකා නැංගුරම්ලා තිබුණේ ඊට අදාළ ගෙවීම් කටයුතු පිළිබඳ ගැටලුවක් හේතුවෙනි. කෙසේවෙතත් එය නිරාකරණය කර ගැනීමෙන් අනතුරුව අදාළ ගෑස් නෞකා නිදහස් කර ගත් බව ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා සඳහන් කළේ ය.