by Staff Writer . 10-03-2022 | 3:45 PM
COLOMBO (News 1st) – ගෑස් හිඟය තවත් සතියක පමණ කාලයක් පවතිනු ඇතැයි ලිට්‍රෝ සමාගම පවසයි.
එම සමාගම සඳහන් කළේ, ගෑස් මෙට්‍රික් ටොන් 2600 ක් අද වෙළඳපොළට නිකුත් කළ බවයි.
ගෑස් සැපයුම අඩාල වීමෙන් ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටින අතර ආපනශාලා රැසක් ද මේ වන විට වසා දමා තිබේ.
ඊයේ රාත්‍රියේ සිට කුරුණෑගල නගරයේ පිහිටි ගෑස් අලෙවි නියෝජිත මධ්‍යස්ථානය වෙත රැස්ව සිටි ජනතාව සහ අලෙවි නියෝජිත ආයතනයේ හිමිකරු අතර උණුසුම් තත්ත්වයක් ද හට ගැනිණ.
තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසීයට ද මැදිහත්වීමට සිදුවිය.
මේ අතර පොළොන්නරුව හිඟුරක්ගොඩ , රත්ගම , මාලිගාවත්ත , හම්බන්තොට, වාඩිගල ප්‍රදේශවල ද ගෑස් ලබා ගැනීම සඳහා දිගු පෝලිම් දක්නට ලැබිණ.