ඇඹිලිපිටියේ රිය අනතුරකින් පොලිස් නිලධාරියෙකු මරුට

ඇඹිලිපිටියේ රිය අනතුරකින් පොලිස් නිලධාරියෙකු මරුට

by Staff Writer . 10-03-2022 | 4:08 PM

COLOMBO (News 1st) –  සූරියවැව - ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේදී යතුරු පැදියක් අනතුරට ලක් වීමෙන් උපපොලිස් පරික්ෂකවරයෙකු මිය ගොස් තිබේ.

පොලිසිය පැවසුවේ, යතුරුපැදියේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් අද අලුයම එම අනතුර සිදුව ඇති බවයි. මියගොස් ඇත්තේ 35 හැවිරිදි සූරියවැව පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ උප පොලිස් පරික්ෂකවරයෙකි.