හෙට(10) ලයිට් කැපෙන විදිය මෙන්න..

හෙට(10) ලයිට් කැපෙන විදිය මෙන්න..

by Staff Writer . 09-03-2022 | 10:03 PM

COLOMBO (News 1st) - හෙට(10) දිනයේ විදුලිය කප්පාදුව සඳහා ලංකා විදුලිබල මණ්ඩලට මහජන උපයෝගිතා කොමිසම අවසර දී තිබේ.

ඒ අනුව P,Q,R,S,T,U,V,W කාණ්ඩවලට අයත් ප්‍රදේශවලට සවස 5.00 සිට රාත්‍රි 9.00 අතර කාලසීමාව තුළ පැයක විදුලි කප්පාදුව සිදු කරනු ඇති . ඊට අමතරව A,B,C,D,E,F,G,H,I,J,K,L කාණ්ඩයට අයත් ප්‍රදේශවලට අදියර දෙකක් යටතේ විදුලි කප්පාදු කිරීමට නියමිතය. ඒ අනුව, පෙරවරු 8.00 සිට සවස 6.00 අතර පැය දෙක හමාරක් සහ සවස 6.00 සිට රාත්‍රි 11.00 දක්වා පැයයි මිනිත්තු‍ 15 ක් විදුලි කප්පාදුව කරන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ ය.