පෞද්. දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත සම්මතයි

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වෙයි

by Staff writer 09-03-2022 | 5:50 PM

COLOMBO (News 1st) - පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත විය.

පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ, ක්‍රීඩා තරුණ කටයුතු හා ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසිනි. පනත ඉදිරිපත් කරන අවස්ථාවේදී, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ මෙම පනත් කෙටුම්පත සඳහා විපක්ෂයේ විරෝධය සටහන් කර ගන්නා ලෙසය.