home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ආනයනය පාලනය කළ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ලැයිස්තුව නිකුත් කෙරේ
by Staff Writer .
09-03-2022 | 4:52 PM
COLOMBO (News 1st) – අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වර්ග 367ක් ආනයනය කිරීම, බලපත්‍ර පාලනයට නතු කරමින් ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ රැසක් ආනයනය ,සීමා කිරීමට රජය පියවර ගෙන තිබේ. මෙම සීමා කිරීම් හෙට (10) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙම සීමා කිරීම ක්‍රමවේද තුනක් යටතේ සිදුකර තිබේ. එහිදී ඇතැම් භාණ්ඩ ආනයන සීමා කර ඇත්තේ බදු ඉහළ දමමිනි. තවත් භාණ්ඩ ගණනාවක් රටට ගෙන්වීමේදී බලපත්‍ර ලබා ගත යුතුවේ. ඇතැම් භාණ්ඩ සීමා කර ඇත්තේ, බදු මෙන්ම බලපත්‍ර යන ක්‍රමවේද දෙකම ක්‍රියාත්මක කරමිනි ඒ අනුව මේ යටතේ, මස් හා මාළු නිෂ්පාදන කිරි ආශ්රිත නිෂ්පාදන පළතුරු පිටි ආශ්රිත නිෂ්පාදන සකස් කරන ලද ආහාර චොකලට් පැස්ටා වර්ග මත්පැන් හා බීම වර්ග දුම්වැටි ඇතුළු දුම්කොළ ආශ්රිත නිෂ්පාදන සුවඳ විලවුන් ඇතුළු රූපලාවන්‍ය නිෂ්පාදන මුඛ සෞඛ්‍යයට අදාළ නිෂ්පාදන ඉටිපන්දම් හා ලාම්පු වර්ග රබර් ආශ්රිත නිෂ්පාදන ලෙදර් ආශ්රිත නිෂ්පාදන ගමන් මළු හම් ආශ්රිත නිෂ්පාදන කාපට් ඇගළුම් හා ආශ්රිත නිෂ්පාදන පාවහන් හිස්වැසුම් කුඩ පනා සෙරමික් නිෂ්පාදන වීදුරු නිෂ්පාදන විදුලි නොවන ගෘහස්ත උපකරණ මුළුතැන්ගේ උපකරණ ගෘහ භාණ්ඩ විදුලි උපකරණ පරිගණක උපකරණ ඇස් කණ්නාඩි ඔරලෝසු සංගීත භාණ්ඩ සෙල්ලම් බඩු ආනයනය සීමා වනු ඇති.
වෙනත් ලිපි
ජනපතිගෙන් ශෝක පණිවුඩයක්
නොවැම්බර් සීසන්එක දෙසැම්බරයටත් භාවිත කරන්න අවස්ථාව
දුම්රිය මාර්ග හදන්න ඩො. මිලියන 400ක ඇස්තමේන්තුවක්
හෙට සිට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක්
ආපදාවට පත් ස්වයං රැකියාලාභීන් ගැන තොරතුරු රැස්කෙරේ
ආපදා සහන ලබාදීමට අදාළව චක්‍රලේඛයක්
විශේෂාංග
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය