අද රාත්‍රියේ සිට විදුලි බලාගාරවලට දැවි තෙල්..

අද රාත්‍රියේ සිට විදුලි බලාගාරවලට දැවි තෙල්..

by Staff writer 09-03-2022 | 6:52 AM

COLOMBO (News 1st) – අද(09) රාත්‍රියේ සිට විදුලි බලාගාර සඳහා දැවි තෙල් ලබා දෙන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් කේ.ඩි.ආර්. ඔල්ගා මහත්මිය සඳහන් කළේ, මෙරටට සේන්දු වූ නෞකාවෙන් දැවි තෙල් ගොඩබෑමේ කටයුතු අද උදෑසන ආරම්භ කරන බවයි. කොළඹ වරායේ ඇති බාජ් මවුන්ට් බලාගාරයට අද දහවල් සිට දැවිතෙල් ලබා දෙන බව ඇය පැවසුවා ය. කේ.ඩි.ආර්. ඔල්ගා මහත්මිය ප්‍රකාශ කළේ, මෙරටට සේන්දු වූ ඩිසල් නෞකා දෙකෙන් එක් නෞකාවක ඇති ඩිසල් ගොඩබෑමේ කටයුතු අද උදෑසන වනවිට අවසන් වනු ඇතැයි අපේක්ෂා කරන බවය. තවත් ඩිසල් මෙට්ට්‍රික් ටොන් 38000 ක් රැගත් නෞකාවක් මෙරටට ළඟා වී ඇති අතර ඒ සඳහා වන ගෙවීම් අද සිදු කරනු ඇති.