ලංකාවේ ජනප්‍රියතම කාන්තාව උමාරියා සිංහවංශ

වනිතාභිමාන 2021 – ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම කාන්තාව උමාරියා සිංහවංශ

by Staff writer 08-03-2022 | 7:10 PM

COLOMBO (News 1st) – නිව්ස්ෆස්ට් – NDB බලගැන්වුමෙන් ක්‍රියාත්මක වනිතාභිමාන 2021 තරගාවලියේ ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම කාන්තාව ලෙස උමාරියා සිංහවංශ අභිෂේක ලැබුවා ය.

ශ්‍රී ලංකා වනිතාභිමාන තරගාවලියේ සම්මාන ප්‍රදානෝත්සවය අද පස්වරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අතිඋත්කර්ශවත් අයුරින් පැවැත්විය. ඒ, ජාත්‍යන්තර කාන්තා දිනය යෙදෙන අද තවත් විශිෂ්ට කාන්තාවන් පිරිසකට උත්තමාචාර පුද කරමිනි.