by Sagarika Chathumali 08-03-2022 | 10:52 AM
COLOMBO (News 1st) – විගමනික ශ්‍රමිකයින් මෙරටට එවනු ලබන අමෙරිකානු ඩොලරයක් වෙනුවෙන් දැනට ගෙවනු ලබන රුපියල් 10ක දිරි දීමනාව රුපියල් 38 දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතියි හිමිව තිබේ.
එලෙස විගමනික ශ්‍රමිකයින් උපයන විදේශ විනිමය එළඹෙන අවුරුදු සමයේදී මෙරටට ප්‍රේෂණය දිරිමත් කිරීම, විගමනික ශ්‍රමිකයින් ඇගයීම මෙන්ම ඔවුන්ගේ යැපෙන්නන්ට පවුල්වල සාමාජිකයින්ට වැඩි ආර්ථික ප්‍රතිලාභ ලබා දීම සඳහා කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මුලාශ්‍රයක් වන විදේශ රැකියා ක්ෂේත්‍රය මගින් වාර්ෂිකව මෙරටට ප්‍රේෂණය කරනු ලබන විදේශ විනිමය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 78කට ආසන්න ය.