by Sagarika Chathumali 08-03-2022 | 11:39 AM
COLOMBO (News 1st) – කින්න්යා, මහාමාරු නව උත්ත සුනාමි ගම්මානයේදී වෙඩි තබා පුද්ගලයින් තිදෙනකුට තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, වෙඩි තැබීමට සම්බන්ධ 30, 43 හා 54 වයස්වල පසුවන කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකු අද (8) උදෑසන කින්නියාහිදී අත්අඩංගුවට ගත් බවයි.
වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ තිබී හිස් පතරොම් කොපු 03 ක් ද පොලීසිය විසින් සොයා ගනු ලැබ තිබේ.
පොලීසිය පවසන්නේ, දෙපාර්ශවය අතර පුද්ගලික ආරවුලක් මෙම වෙඩි තැබීමට හේතු වන්නට ඇති බවට දැනට කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.
වෙඩි තැබීමට යොදා ගන්නා ලද බවට සැකකරන ටී.56 ගිනි අවියක පතරොම් ගැබක් හා සජිව පතරොම් 09 ක් කළපුව අසල සඟවා තිබියදී පොලිසිය විසින් සොයාගනු ලැබ ඇත.
ඊයේ රාත්‍රී මහාමාරු නව උත්ත සුනාමි ගම්මානයේදී යතුරු පැදියකින් ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකුට ඔවුන් පිටුපසින් තවත් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා පලාගොස් තිබිණ.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ යතුරු පැදියේ ගමන් ගත් අවුරුදු 30 හා 33 වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනා මේ වනවිට ත්‍රිකුණාමල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.