විදුලිය දෙන්න මෙහෙයුම් මැදිරියක්..

අත්‍යවශ්‍ය ස්ථානයන් වෙත කප්පාදුවකින් තොරව විදුලිය ලබා දීම සඳහා මෙහෙයුම් මැදිරියක්..

by Staff writer 08-03-2022 | 6:12 PM

COLOMBO (News 1st) – අත්‍යවශ්‍ය ස්ථානයන් වෙත කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය ලබා දීම සඳහා මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කරන්නැයි විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය උපදෙස් ලබා දී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේ, එය අනිවාර්ය ක්‍රියාවක් බවත් ඒ වෙනුවෙන් අඛණ්ඩව ක්‍රියාත්මක වන මෙහෙයුම් මැදිරියක් විදුලිබල අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කළ යුතු බවත් අමාත්‍යවරිය අවධාරණය කර ඇති බවයි. පවතින වියළි කාලගුණික තත්ත්වය යටතේ අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීම දුෂ්කර වුවත්, 24 පැයම විදුලි සැපයුම අත්‍යවශ්‍ය, රෝහල් , ආරක්ෂක ස්ථාන සහ ආයෝජන ප්‍රවර්ධන කලාප වැනි ස්ථානයන්ට අඛණ්ඩ සැපයුමක් ලබා දීම වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග නොපමාව ගත යුතු බව ද අමාත්‍යවරිය පෙන්වා දී තිබේ. ඒ වෙනුවෙන් අදාළ ආයතයන්ගේ නියෝජිතයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් විසින් මෙම මෙහෙයුම් මැදිරිය පවත්වාගෙන යනු ඇති. විදුලිබල අමාත්‍යාංශය, ලංකා විදුලිබල මණ්ඩල, වාරිමාර්ග අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ආරක්ෂක ආමත්‍යාංශය වැනි ආයතන රැසක නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද (08)පැවති සාකච්ඡාවකදී සෞඛ්‍ය ආමාත්‍යවරිය මේ බව පවසා තිබේ.