ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගයේ වෙනසක්...

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගයේ වෙනසක්...

by Staff Writer . 07-03-2022 | 10:48 PM

COLOMBO (News 1st) - මහ බැංකුව විසින් ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 230 දක්වා අවප්‍රමාණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ විදේශ විනිමය ගනුදෙනු අමෙරිකානු ඩොලරයක , රු. 230 ක් ලෙස සිදුවන බවයි. බාහිර හේතුවල බරපතළකම සහ තවත් කරුණු කිහිපයක් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.