by Staff Writer . 06-03-2022 | 11:24 AM
COLOMBO (News 1st) - රත්නපුර - පැල්මඩුල්ල මාර්ගයේ බටුගෙදර ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, ලොරි රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.
අනතුරට පත් ත්‍රිරෝද රථයේ රියැදුරු සහ එහි ගමන්ගත් පුද්ගලයා රත්නපුර රෝහලට ඇතුළත් කිරීමේදී මියගිය බව පොලීසිය සඳහන් කළේ ය.
මියගොස් ඇත්තේ 27 සහ 28 හැවිරිදි කඩුවෙල සහ හෝමාගම පදිංචිකරුවන් දෙදෙනෙකි.
රියැදුරන් දෙදෙනාගේ නොසැලකිමත් රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට අනාවරණය වී තිබේ.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.