යළිත් ගෑස් හිඟයක්: බේකරි රැසක් වැසෙයි..

යළිත් ගෑස් හිඟයක්: බේකරි රැසක් වැසෙයි..

by Staff Writer . 06-03-2022 | 7:34 PM

COLOMBO (News 1st) – වෙළෙඳපොළේ යළිත් ගෑස් හිඟයක් ඇති වී තිබේ.

ගෑස් සමාගම් 2 පවසන්නේ ඩොලර් අර්බුදය නිසා ඇනවුම්වලට මුදල් ගෙවීමේ ගැටලුවක් නැවතත් මතුවී ඇති බවයි. අප වාර්තාකරුවන් පවසන්නේ, ගෑස් අලෙවිසැල් රැසක් මේ වනවිට වසා දමා ඇති බවයි.
ජනතාව දවස් 03ක ඉදන් එනවා. ගෑස් නෑ. අද එන්න හෙට එන්න කියනවා. කොළඹ ඉදන් ගියා වාරියපොළටත් එහා.. එහෙත් නැතුව මේ ආවේ ලිට්‍රෝ අලෙවි නියෝජිත පාරිභෝගිකයාට දෙන්න මටත් ගෑස් ලැබෙන්න ඕනි. මට ගෑස් ලැබෙන්නේ නැත්නම් මේක කවුරු හරි වග කිවයුතු කෙනෙක් ඉන්න එපැයි. වගකියන්න ඕනි රජය සම්පූර්ණයෙන්ම. ලාෆ්ස් අලෙවි නියෝජිත අපිට ඉතිං කරන්න දෙයක් නෑනේ. රාජ්‍ය තන්ත්‍රයෙන් තමයි මේක කරන්න ඕනි.
ගෑස් අර්බුදයත් සමග ක්ෂේත්‍ර රැසක කටයුතු අඩපණ වෙමින් පවතී . අප වාර්තාකරුවන් කළ සොයා බැලීමේදී පෙනී ගියේ කොළඹ ඇතුළු බොහෝ නගරවල ආපනශාලා, බේකරි වැඩි ප්‍රමාණයක් වසා දමා ඇති බවයි.
පාරිභෝගිකයින් කඩ තුන හතරකට ගියා. කඩ නෑ.. කඩ ඇරලා තිබුණට ගෑස් නැති නිසා ඒ ගොල්ලන්ට කෑම දෙන්න විදිහක් නෑලූ. කඩේකට ආවම ගෑස් නෑ කියලා කඩේ වහලා. ෂෙඩ් එකකට යන්න ගියාම පෙට්‍ර්ල් නෑ. වැඩට යන්න ගියාම බස් නෑ ඩීසල් නෑ කියලා.
ආපනශාල හිමිකරුවන්
අදත් අපි කෑම පොඩ්ඩයි දාලා තියෙන්නේ. හෙට වැඩ කරන්න ගෑස් නෑ.. අද හම්බුණේ නැත්නම් හෙට වැඩ කරන්න වෙන්නේ නෑ. ඩීසල්වලට ගිහිල්ලා පෝලිම්වල ඉන්න ඕනි. ඊට පස්සේ ගෑස් නෑ. පිටි ගන්න ගියාම එහෙන් ප්‍රශ්න. දැන් මේවා වහන තත්ත්වෙටම පත් වෙලා තියෙන්නේ. සමස්ත ලංකා උත්සවශාලා සහ ආහාර සැපයුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති සාලිය රවීන්ද්‍ර මහතා
මාර්තු මාසේ කියන්නේ උත්සව ශාලා හැම එකක්ම ඉතාමත්ම කාර්යබහුල මාසයක්. දැනට ඔවුන් මුදල් ලබා ගත්ත පාරිභෝගිකයින්ට දිය හැකි දෙයක් නැතිව ඉතාමත් අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඇත්තටම අපේ සේවකයෝ වැඩ කරනවාට වැඩිය පෝළිම්වල. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා
අපිට තියෙන සියලුම ප්‍රශ්න ටික මේ වෙද්දී උදා වෙලා ඉවරයි. ඇති වෙන්න තවත් අලුතින් ප්‍රශ්න නෑ. පාන් ගෙඩියක් රුපියල් 80 ට නෙවේ 150ටත් විකුණන තැන් තියෙනවා කොළඹ නගරයේ. මේ හැමදෙයක්ම එකතු වෙලා එකතු වෙලා අද වෙද්දී බේකරි දාහකට වැඩිය මේ වෙද්දී නවත්තලා දාලා තියෙනවා තාවකාලිකව. තව සතියක් මේ විදිහට ගියොත් ලංකාවේ තියෙන සියලුම බේකරි ටික වහන්න වෙනවා අපිට.
ලිට්රෝ සමාගම පවසන්නේ දිගුකාලීන මිලදී ගැනීමේ ටෙන්ඩරයෙන් සැපයූ ගෑස් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 16 ක් ගෙවීමට ඇති බැවින් දැනට පැමිණ ඇති නැව් දෙක ද ලබාගැනීමට නොහැකිවී ඇති බවයි. ලාෆ් සමාගම ණයවර ලිපි විවෘත කිරීමේ දුෂ්කරතාවය නිසා මේ වනවිට දිනකට නිකුත් කරන සිලින්ඩර ප්‍රමාණය 2000කට සීමාකර තිබේ.